Subscribe in a reader

Monday, April 22, 2013

වෙසක් පොහොය දිනයේදී තොරණ සහ වෙසක් කලාප තහනම් කරනු. එත් ඇයි ?



කොහොමත් රෑට ලස්සන කොළඹ පාට ලයිට් වලින් වැහිලා සුරපුරක සිරිගද්දී... බෙග් මාස්ටර්ගේ සිංදුවකින් කණ පුරවන් ඉස්සරහටම ඇවිදන් යන ඔයාගේ මුහුණ තෙමපු වතුර තුවක්කුවේ අයිතිකාරයා මම වෙන්න පුළුවන්... සමහරවිට ඔයා පහුකරන් ආපු බොන්ගෝ එකක් ගහගෙන පිස්සු නටන කොලු රෑන අතරේ මම ඉන්න පුළුවන් .... එහෙමත් නැත්තම් කණ ගාවම හඬ තලපු සැර නලා සද්දේට තිගැස්සුණු ඔයා ගෙදර යනකම්ම අපේ අම්මව මතක් කරන්නත් ඉඩතියෙනවා... :D

මැයි මාසේ පටන් ගත්ත ගමන් සී.ආර් පොතක් උස්සන් ගමවටේ යන එකයි වෙසක් උත්සවය වෙනුවෙන් අපි හා හා පුරා කියලා ඉෂ්ඨ සිද්ධ කරන කාරණාව... ඊට පස්සේ සල්ලි එකතු කරන්න යන දවස් ටිකේ දෙයියනේ කියලා සයිවර් කඩෙන් කොත්තු කන්න පුළුවන්.. පිං අතේ වැඩක් කරන්නත් හයිය හත්තිය තියෙන්න එපැයි... නොකා නොබී කොහොමද :D

සිල වීයාපාරේට දානේ බාර ගන්න කියලා ඉස්කෝලේ පන්තිබාර මැඩම් රුපියල් දහක විතර දඩයක් දාන එකයි... දහම්පාසලේ කුඩු තරෙගට කුඩු හදන්න පන්සලේ නයිට් ගහන එකයි අනුපිළිවෙලට එනවා... කිව්වට මොකද මං නම් අටපට්ටමක්වත් හදන්න දන්නේ නැහැ.. අමාරුවෙන් නෙළුම් මලක් හැදුවත් ඒක නිකන් පිසාහි ඇලවෙන කුළුන වගේ.... හැබැයි ඉතින් දහම් පාසලෙයි ඉස්කෝලෙයි කුඩු තරඟවලින් දෙවැනි තැන දිනලා තියේ.. සෙටිපිකට් එකත් තියෙනවා ගෙදර.. මගේ අවංක අතිජාත මිත්‍රයෝ උන් හදපු ඒවාට මගේ නමත් දැම්මා... කුඩු හදද්දී මං උන්ට ජෝක් කර කර වද දුන්න විතරයි :) දහම් පාසලේ තරගේදිනම් සල්ලිත් හම්බවුනා ^_^

Sunday, October 28, 2012

අනේ බං චේ




ගමට වෙලා
කාලා ඇඳලා
ඉන්න බැරුව,

සපාන් එකේ

යුද්ධ කරලා
දිනපු එකේ
ඉන්නේ නැතුව,
කියුබාවෙ
 

දෙන්න ගෙහුං
බොලිවියාවේ
මැරුම් කළා
ගෙවී ගියත්...
හුඟක් කලක්


අපේ හැත්ත
මෙහෙ තවමත්
කුණු කොල්ලේට
විකිණනවා...
උඩ දාගෙන


චේ ලාබයි... චේ ලාබයි....


පද වල නම් ඒ හැටි ගැලපීමක් නෑ. ඒත් එහෙම වුනා කියලා ඇත්ත වෙනස් වෙන්නේ නෑ !!.


Thursday, August 9, 2012

අපේ සියැටල්ගේ කතාව


මේක ඇහැ ගැටුනේ ඊයේ. දැක්ක ගමන් බ්ලොග් එකේ දාන්න ඕනේ කියලා අංකල් හිතාගත්තා. මොකද අංකල් පරිසරේට බොහොම ආදරේ කොරන මනුස්සයෙක් හින්දා. නමුත් අද, ලෝක ආදිවාසී දිනයේම මේක දාන එක වැදගත් කියලා හිතුන නිසා කඩිමුඩියේ දාන්නේ. මේ වෙලාවේ අංකල් හරිම කාර්යයබහුලයි. ඒ නිසා අංකල්ගේ කොලම| ‍ෆේස් බුක් පිටුවට ලියාපු පොස්ට් එකම කොපි පෙස්ට් කොරනවා. මයේ දරුවෝ කියෝලා බලන්ටකෝ :)






▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬


ශ්‍රේෂ්ඨ රතු ඉන්දියානු නායක සියැටල් පිළිබධව ඔබ අසා ඇතුවාට සැකයක් නැහැ. ඔහු ඇමරිකානු ජනාධිපතිවරයා වෙත ලියු ලියමනෙහි  පරිසරය සම්බන්ධයෙන් දැක්වූ අදහස් නිසා අදත් ලෝකයේ සම්භාවනාවට පත්‍ර වනවා. නිසැකවම ඔබත් ඒ ලිපිය කියවා ඇති. ඔබත් ඔහුව අගය කරන්න ඇති.

මතු දැක්වෙන්නේ අපේ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තන් විසින් 2009 වර්ෂයේ කරන ලද කතාවක්.එයත් සියටල්ගේ ලියමනට දෙවැනි නැහැ. කරුණාකර කියවා බලන්න. ඔහු විසින් මතු කරනා කාරණාවල කොයි තරම් සත්‍යයක් ගැබ් වෙලා තියෙනවද කියා.

Monday, August 6, 2012

සංගා අපිට අපි සංගාට

පොඩි කාරණාවක් ගැන දැනුම් දෙන්ට පොස්ට් එක දාන්නේ. මයේ පුතාලා දුලා නම් මේක නොදැන ඉන්න විදියක් නැහැ. නමුත් වැරදිලාවත් නොදන්නා කෙනෙක් ඉන්නවනම් දැනුවත් වෙයි කියලායි දාන්නේ.


 ඔය ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලය ඒ කිවේ අයි.සී.සී එක විසින් වාර්ෂික සංවිධානය කරනු ලබන අයි.සී.සී. ක්‍රිකට්‌ සම්මාන උළෙලේ 2012 වසරේ ජනප්‍රියම ක්‍රීඩකයා කියන සම්මානේට අපේ කුමාර සංගක්කාර කොලුවා නිර්දේශ වෙලා. මේක ලබාදෙන්නේ ‍ෆේස්බුක් හරහා කරන ජන්ද විමසීමකින් වැඩිම ජන්ද ලැබුණු කෙනාට. ගිය අවුරුද්දෙත් ඔය ජනප්‍රියම ක්‍රීඩකයා කියන සම්මානෙයි, වසරේ එක්දින ක්‍රීඩකයා  කියන සම්මානෙයි දෙකම ලැබුනේ අපේ කොල්ලාටම තමා.


ඉතින් තවම අපේ කොලුවට ජන්දේ නොදීපු දරුවෙක් ඉන්නවනම් ඉක්මනට මෙතන කොටලා ජන්දේ දෙන්න. https://www.facebook.com/cricketicc/app_331574723602903

සමහරවිට ඔය දරුවෝ කලින් ජන්දේ දීලා ඇති. නමුත් ඒක විතරක් මදි පුතේ. පුළුවන් තරම් අනිත් ඈයෝ  දැනුවත් කරලා අපේ කොල්ලට ජන්දේ අරන් දෙන්න ඕනේ. අපේ එකාට අපි සපෝට් එක දෙන්නේ නැතුව  කවුරු සපෝට් එක දෙන්නද ළමයිනේ. ඔය ළමයින්ට පුළුවන් මේ ගැන කියලා බුකියේ ස්ටේට් 1 ක් දාන්න.

Tuesday, July 31, 2012

ධර්මද්වීපයේ බුදුදහම





සංග්‍රාමික යුද්ධය නිම වෙලා අවුරුදු තුනක් ගතවෙලා. යුද්ධයෙන් පස්සේ දීප්තිමත්, පැහැබර අනාගතයක්, හෙවත් වර්තමානයක් අපි අපේක්ෂා කරත්, විය යුතු ලෙසම අපිට ඉතුරු වෙලා තියෙන්නේ ඉතාමත් සංකීර්ණ ප්‍රශ්න පිරි සමාජයක්. අන්තේටම පිරිහුණු සමාජ සාරධර්ම සහ දුෂ්කර ආර්ථික ගැටළු පශ්චාත් යුධ අවදියක් ගතකරන ඕනෑම සමාජයක් අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වියයුතුයි වගේම ඒවා නිවැරදි කරගතයුතුයි.

සමාජ සාරධර්ම, ගුණදහම් සුනුවිසුනු කරමින් මිනිස්සු අන්ත තිරිසන් තත්වෙට වැටිච්ච පුවත් හතර වටෙන් අහන්න දකින්න ලැබෙන වෙලාවක අනිවාර්යයෙන්ම අවධානය යොමු කළයුතු දෙයක් තමයි ආගම   කියන්නේ. මොකද මේ වන තෙක්ම ලෝකයේ සමාජ හර පද්ධතියට වැඩි දායකත්වයක් ලබා දී ඇත්තේ ආගම් තුලින් වීම නිසා.

ගත වන කාලය බුදුදහම සම්බන්ධයෙන් අභියෝගාත්මක කාලයක් බවයි පෙන්න තියෙන්නේ. ‍අකලට පහළ වුනු ෆෙක්‌ බුදුන්ලා, ඔළුව නරක් වෙච්ච සිරිධම්ම වගේ පිස්සෝ, බුදුදහම සමගත් නිදිවදින්න හදන දේසපාලුවෝ. භික්ෂු දේශපාලනය වළක්වන පනත්, මුලධර්මවාදීන් සහ බෞද්ධ සංවිධාන අතර ගැටුම් වගේම බුදුදහමට එරෙහිව අන්තර්ජාලය තුල ගෙන යන මඩ ව්‍යාපාර වගේ අටොරාශියක් සිදුවීම් අතර, අගක් මුලක් මැදක් නැතුව බුදු දහම පිළිබඳව මතුවී ඇති වර්තමාන තත්වය කතාකරන්නයි මේ සුදානම....




Related Posts Plugin for WordPress, Blogger...