Subscribe in a reader

Friday, January 27, 2012

ආයුබෝවන්෴

ආයුබෝවන්. මගේ බ්ලොග් අඩවිය අද ඉදන් පටන් ගන්නවා. මේ පැත්තට ඇවිත් අදහස් බෙදා ගන්නය කියලා දුවලා, පුතාලා හැමෝටම අරාධනා කරනවා. පහල තියෙන්නේ නන්දා මාලනීයගේ මං බොහොම ආස කරන ගීතයක්.




වහින්නට හැකිනම් ගිගුම් දී
වියළි ගම් බිම් වලට ඉහළින්
ඉදෙන්නට හැකිනම් බතක් වී
බතක් නොඉදෙන පැලක රහසින්...

‍රැ‍ඳෙන්නට හැකිනම් ළමා කැළ
හඬන දෙතොලඟ සිනාවක් වී
පිපෙන්නට හැකිනම් තුඩින් තුඩ
නෙලාගත හැකි වන මලක් වී...

නිදන්නට හැකිනම් දෙනෙත් තුල
සැබැ වන සුබ සිහිනයක් වී
ගැයෙන්නට හැකිනම් දොරින් දොර
ලොවම පුබුදන ගීතයක් වී...


ලෝකේ  හැමෝම මේ විදියට ප්‍රාර්ථනා කරනවනම් මේ ලෝකේ කොච්චර ලස්සන තැනක්‌ වේවිද.අවාසනාවකට මේ ලෝකේ එච්ච්ර ලස්සන තැනක් නෙමෙයි. ඒක ලස්සන තැනක් කරගන්න අපිට සටන් කරන්න සිද්ද වෙලා තියෙනවා. මේ ගීතයේ විදියට ප්‍රර්ථනා කරන්න, ඒ ප්‍රාර්ථනය හැබෑ කරන්න සුළුවෙන් හරි වැඩ කරන්න ඔයගොල්ලන්ට හැකිවේවායි අංකල් ප්‍රාර්ථනා කරනවා.

4 comments:

  1. අනිවා... අන්කල්ගේ කොළම ඉදිරියටම යන්න කියල මමත් ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  2. Replies
    1. බොහොම ස්තුතියි දරුවෝ..

      Delete

මෙන්න විශේෂ දීමනාවක් !!!
ළඟ එන වෙසක් උත්සවය නිමිත්තෙන් නොමිලේ කමෙන්ට් කිරීමේ අවස්ථාව සලසා තිබේ.

Related Posts Plugin for WordPress, Blogger...