Subscribe in a reader

Wednesday, February 15, 2012

ආදරය + කියන තරම් වැලා කළුද ?

ආදරය... 
 

 ආදරය කියනේ බොහොම සුන්දර හැගීමක්.පෘතජ්ජන හිතක පහළ වෙන්න පුළුවන් උත්තරීතරම හැගීම තමයි ආදරය.එකිනෙකාට ආදරයෙන් තුරුලුවෙලා ගතකරපු නිමේශක මතකය............ හැම භවයකදීම එක්වෙන්න ලැබෙන්න කියලා හිතාගෙන විහාර මළුවේ කොනක පත්තු කරපු පහන්සිලේ ආලෝකය.........වික්ටෝරියා පාක් එකේ ගල් බංකුවක්‌ උඩ දිග ඇරිච්ච බත් පතේ රස............ තවමත් උණුහුම දැනෙන හාදුවැල් වල මිහිර....... අපි හුගදෙනෙක්ගේ මතකයේ තැන්පත්වෙලා තියෙනවා.නමුත් සමහරවෙලාවට අතීතය ඒ තරම්ම කාරුණික වෙන්නේ නැහැ.සංසාරේ පුරාවට හැම භවයකදිම පතාගෙන ආවයි කියලා හිතාගෙන පුරපු ආදරය සීසීකඩව බිදිලා විසිරිලා ගිය දුක්බර අතීත මතකත් අපි හුගදෙනෙක්ගේ හිත් අස්සේ හැංගිලා තියෙනවා. වැහි බිංදුවලින් රටා  අදින පාරදිගේ, පුංචි කුඩයකට ගුලිවෙලා ඇවිදින පෙම්වතුන් දැක්කම.............රතු පාට හැන්දෑවක මුහුදේ ගිලෙන ඉර දිහා බලාගෙන හීන අදින පෙමව්තුන් දැක්කම......... මතක්වෙන්න මතකත්, උනන්න කදුළුත් අපි හුගදෙනෙක් ගාව ඉතුරුවෙලා තියෙනවා.



ආදරය  ගැන විවිධ අය විවිධ නිර්වචන ඉදිරිපත් කරනවා.එක් පිරිසකට ආදරය කියන්නේ ආත්මගත බැදීමක්.තවත් පිරිසකට ආදරය කියන්නේ හුදු ලිංගික තෘප්තිය වෙනුවෙන් පවත්වාගෙන යන සම්බන්ධයක්.ඇත්තටම ආදරය කියන්නේ අධ්‍යාත්මික බැදීමක්ද? නැත්නම් කායික බැදීමක්ද ???.

ජිවිතයක් බේර ගන්න පුංචි උදව්වක් කරනවද?

ජීවිතය කියන්නේබොහොම සුන්දර දෙයක්.අපි ජීවිතේදී කොච්චර හීන දකිනවද.දැකපු හීන සැබෑ වෙද්දී කොච්චර සතුටක් දැනෙනවද.සමහර හීන බිදිලා යනකොට දැනෙන්නේ දුකක්.හැබයි ජිවිතේ කියන්නේ දුකෙත්,සතුටෙත් එකතුවක්.සතුට, දුක, ආදරය, විරහාව සියල්ල මැද්දේ  ජිවිතේ විදිද්දී හදිස්සියේම ඔබට‍ පිළිකාවක්!! හැදිලා කියලාදැනගන්න ලැබුනොත් ඔබට‍ මොනවා හිතේවිද?. ඔබට‍ දැනේවි  මුළු ජිවිතෙම කඩාවැටුණු බවක්.අහස උසට මවපු හීන බොදවෙලා යද්දී...  ඔබට‍ හිතේවි මුළු ලෝකයම පාළු මුසල හිස් අවකාශයක් විතරයි කියලා.

නමුත් කවුරු හරි කිව්වොත් ඔබව සුව කරන්න පුළුවන් කියලා.එතකොට ඔබ ආයිමත් හීන දකින්න පටන් ගනීවි.බලාපොරොත්තුවක එළියෙන් ඔබේ ඇස් දිලිසෙවී.උදෙට ඉර නගින හැටි බලන්න........ගලායන ගංගාවක වතුර ගලන සද්දේ අහන්න........පිනිබිඳු වලින් තෙත් වෙච්ච තණ පලසක දිව යන්න..... වාසනාව නැවතත් ඔබට ලැබෙන බව දැනගත්තම ඔබේ මුව මත සිනහා මල් පිපේවි.....  එහෙත්!! ඔබේ ජීවිතය බේරා ගැනීමට  රුපියල් 220,000.00 ක මිලක් නියමවෙලා කියලා දැනගන්න ලැබුනොත්... ඔබේ අසරණ දෙමව්පියන්ට ඒතරම් වත්කමක් නොමැතිබව  දැනගන්න ලැබුනොත්....ඔබ ඔබට‍ම සාප කරාවි.දරාගන්න බැරි අසරණකමක් ඔබට දැනේවි.



Monday, February 6, 2012

නිදහස් දින තුනක් ඇති රටක නිදහස

64 වන නිදහස් දිනය  ගෙවී ගියේය..අනුරාධපුරයේදී පැවත්වූ අභිමානවත් උළෙලකින්ද, ගෙයක් ගෙයක් පාසා එසවුණු ජාතික ධජ වලින්ද, වෙනදාට සපෙක්ෂ්ව අඩු වෙළද දැන්වීම් ප්‍රමණයකින්ද සංකේතවත්වූ දිනයක් ගෙවී ගියේය...




"සිය යටත්විජිතයන් අත්හැරීමට ක්‍රියාකල ඉංගිරිසින් අතින් 1948 පෙබරවාරි 4 වෙනිදා මෙරටට නිදහස ලැබුනා.යටත් වෙච්ච් දවසේ ඉදන්ම සුද්දන්ගෙන් නිදහස් වෙන්න අපේ මුතුන්මිත්තන් සටන් කලත් විවිධ හේතුන් නිසා ඒ සටන් පරාජයට පත්වුණා.අවසානයේදී අපිට නොමිලේම නිදහස ලැබුනා.ඒ වුනත් ඒ නොමිලේම හම්බවුනු නිදහස නාමික නිදහසක් විතරයි. 1948 ඉදන් 1972 වෙනකන්ම අපි හිටියේ බ්‍රිතාන්‍ය කිරීටයට යටත් වෙලා.බ්‍රිතාන්‍යයට පක්ෂපාතීව වැඩ කරන්න අපි බැදිලා හිටියා.ඒ වගේම ලංකාවේ  සියලු රාජ්‍ය කටයුතු සිදු කෙරුණේ මහා බ්‍රිතාන්‍යයේ අති උත්තම මහාරාජාණන් වහන්සේගේ නාමයෙන්.කොහොම නමුත් විශාල පරිසරික  සහ සංස්‌කෘතික විනාශයකින් පසුව 1948දි  සුද්දෝ අපේ රටෙන් යන්න ගියේ අපේ රටේ සාරය අතිපදං  උරාබිව්වට පස්සෙයි

Thursday, February 2, 2012

ලේසි නැති ලීසිං


 මේ වනවිට ලංකාවේ පුළුල් මාර්ග සංවර්ධනයක් සිද්ද වෙනවය කියන එක අපි හැමෝම දන්න කියන කාරණයක්.ඒ වගේම දවසින් දවස විශාල වාහන කන්දරාවක් මාර්ග පද්දතියට එකතු වෙනවය කියන එකත් හැමෝටම පෙන්න තියෙන දෙයක්.ලොකු ඇත්තන්ගේ වහාන විදියට සැලකෙන "හමර්"  "ඇස්ටින්මාටින්"  ‍"ෆෙරාරි" වගේ වාහනත් අද වෙනකොට ලංකාවේ මාර්ග වලට එකතු වෙලා. ලංකාවේ තරුණ ගැටව් මේ වගේ නවීන පන්නයේ වහාන වලට බොහොම මනාපයි.කොළඹ මෝටර්රථ  ප්‍රදර්ශනයෙදි බොහොම ආදරෙනේ මේ නවීන වාහන අතපත ගාන ලංකාවේ බහුතර මධ්‍යමපාන්තික තරුණ ප්‍රජාවට කාර් එකක් කියන්නනේ සැබෑ නොවන හීනයක් විතරයි.ඒ ගොල්ලන්ට හැබෑ කරගන්න පුළුවන් හීන විදියට තියෙන්නේ මෝටර්බයික් 1ක් හරි ත්‍රීවීල්එකක් හරි විතරයි. නමුත් හුගක් අයට එහෙම දෙයක් ගන්නවත් වත්කමක් නැහැ. ඉතින් ඒගොල්ලොන්ට තියෙන එකම විකල්පය ලිසිං කොම්පැනියක පිහිට පතන එක විතරයි. ඔය ලිසිං කාරයෝ මිස්සුන්ව හුරගෙනම කනවා.මේ විදියට ලිසිං කොම්පැනියක් හරහා වාහනයක් ගන්නකොට වාහනයේ වටිනාකමට වඩා වැඩි මුදලක් ගෙවන්න සිද්දවෙනවා. ත්‍රීවීල් 1ක් ගන්නවනම් අවම වාරිකය රුපියල් 9000ක් විතර වෙනවා.ඒ මදිවට ලිසිං ඇරියස් උනොත් පොලි ගෙවන්නත් ඕන.  එත් යාන්තම් එදාවෙල පිරිමහා ගන්න මිනිස්සුන්ට අකමැත්තෙන් හරි ලිසිං 1ක් දානවා ඇරෙන්න වෙන විකල්පයක් නැහැ.

ලීසිං 1ක් දාලා ත්‍රීවීල් එකක් ගන්න මධ්‍යමපාන්තිකයෙකුට දැනෙන්නේ රටක් රාජ්‍යයක් දිනුවා වගේ සතුටක්. කොළඹ රටෙදිනම් නවගමුව දේවාලේන් දෙහිගෙඩි වැලක් එල්ලලා වහානේ පාරට දාන්නේ ලස්සන අනාගතයක හිනත් එක්කමයි.

"රෝද තුනක් උඩ හීන ගොඩක් ඇත"

Related Posts Plugin for WordPress, Blogger...