Subscribe in a reader

Thursday, February 2, 2012

ලේසි නැති ලීසිං


 මේ වනවිට ලංකාවේ පුළුල් මාර්ග සංවර්ධනයක් සිද්ද වෙනවය කියන එක අපි හැමෝම දන්න කියන කාරණයක්.ඒ වගේම දවසින් දවස විශාල වාහන කන්දරාවක් මාර්ග පද්දතියට එකතු වෙනවය කියන එකත් හැමෝටම පෙන්න තියෙන දෙයක්.ලොකු ඇත්තන්ගේ වහාන විදියට සැලකෙන "හමර්"  "ඇස්ටින්මාටින්"  ‍"ෆෙරාරි" වගේ වාහනත් අද වෙනකොට ලංකාවේ මාර්ග වලට එකතු වෙලා. ලංකාවේ තරුණ ගැටව් මේ වගේ නවීන පන්නයේ වහාන වලට බොහොම මනාපයි.කොළඹ මෝටර්රථ  ප්‍රදර්ශනයෙදි බොහොම ආදරෙනේ මේ නවීන වාහන අතපත ගාන ලංකාවේ බහුතර මධ්‍යමපාන්තික තරුණ ප්‍රජාවට කාර් එකක් කියන්නනේ සැබෑ නොවන හීනයක් විතරයි.ඒ ගොල්ලන්ට හැබෑ කරගන්න පුළුවන් හීන විදියට තියෙන්නේ මෝටර්බයික් 1ක් හරි ත්‍රීවීල්එකක් හරි විතරයි. නමුත් හුගක් අයට එහෙම දෙයක් ගන්නවත් වත්කමක් නැහැ. ඉතින් ඒගොල්ලොන්ට තියෙන එකම විකල්පය ලිසිං කොම්පැනියක පිහිට පතන එක විතරයි. ඔය ලිසිං කාරයෝ මිස්සුන්ව හුරගෙනම කනවා.මේ විදියට ලිසිං කොම්පැනියක් හරහා වාහනයක් ගන්නකොට වාහනයේ වටිනාකමට වඩා වැඩි මුදලක් ගෙවන්න සිද්දවෙනවා. ත්‍රීවීල් 1ක් ගන්නවනම් අවම වාරිකය රුපියල් 9000ක් විතර වෙනවා.ඒ මදිවට ලිසිං ඇරියස් උනොත් පොලි ගෙවන්නත් ඕන.  එත් යාන්තම් එදාවෙල පිරිමහා ගන්න මිනිස්සුන්ට අකමැත්තෙන් හරි ලිසිං 1ක් දානවා ඇරෙන්න වෙන විකල්පයක් නැහැ.

ලීසිං 1ක් දාලා ත්‍රීවීල් එකක් ගන්න මධ්‍යමපාන්තිකයෙකුට දැනෙන්නේ රටක් රාජ්‍යයක් දිනුවා වගේ සතුටක්. කොළඹ රටෙදිනම් නවගමුව දේවාලේන් දෙහිගෙඩි වැලක් එල්ලලා වහානේ පාරට දාන්නේ ලස්සන අනාගතයක හිනත් එක්කමයි.

"රෝද තුනක් උඩ හීන ගොඩක් ඇත"



කොච්චර හීන දැක්කත් ජිවිතේ හැමදෙයක්ම අපිට ඕන විදියට වෙන්නේ නැහැනේ. ලිසිං කරලා වාහනයක් ගන්න සමහරුන්ට සල්ලි ගෙවා ගන්න බැරිව ගියාම ලිසිං කාරයෝ කරන්නේ කට්ටිය දාලා වාහනේ උස්සන එක. ඔය වහාන උස්සන්න එන අයට තමයි සිසර්ලා කියන්නේ. තමුන්ගේ වාහනේ උස්සන්යනකම්  හුගක් ඇයො බලන් නොඉන්න හින්දා ඔය සිසර්ලට යකඩ පොලු පාරවල්,මන්නා පාරවල් එහෙමත් ලැබෙනවා. මේ නිසාම හුගක් වෙලාවට සීසර් රස්සාව කරන බහුතරයක් දාමරිකයන්. පාතාල ලෝකේ අත්පොත් තියපු කට්ටිය.මේ වෙනකොට සිසර්ලා වහාන උස්සන්න කලින් හොදට හොයලා බලලා   සැලසුම් කරලා තමයි වැඩේට බහින්නේ.අංකල් තුන්,හතර පාරක් සිසර්ලා වහාන උස්සනවා දැකලා තියෙනවා. එක පාරක්‌ ඔරුගොඩවත්ත හරියේදී සීසර්ලා ත්‍රිවිල් 1ක් උස්සන්න හැදුවේ
ත්‍රිවිල් 1 පාරමැද ට්‍රැෆික් එකේ නවත්තන් ඉන්නකොටයි. තමුන්ගේ වහානේ උස්සන්න හදනකොට වාහනේ අයිතිකාරයා සිසර්ලා එක්ක පොරබැදූවා. මේ වෙලාවේදී පාරේ ඩියුටි හිටිය ට්‍රැෆික් රාළහාමි මැදිහත්වෙලා අර වහානේ සිසර්ලාට දුන්නා. රුං... ගාලා ඉගිල්ලෙන, කලින් තමුන්ට අයිතිවෙලා තිබුණ වහානේ දිහා බලන් හිටපු අර මනුස්සයා ඇස්වල කදුළු පුරෝගෙන පයින්ම යන්න ගියා. අංකල්ටත් බොහොම දුක හිතුනා ඔය සිද්දිය දැකලා.



සිසර්ලා එක්ක රණ්ඩුවෙද්දී වගේම සිස්ර්ලාගෙන් වාහන බේරගන්න රේස් ගිහිල්ලාත්   අපේ රටේ ජිවිත කිපයක්ම නැතිවෙලා තියෙනවා. මේ ලගදී දවසක මාතර පැත්තේදී සිසර්ලාගෙන් බස් එක බේරගන්න ගිහින් කාන්තාවක් හැප්පිලා මැරිලාය කියන පුවත "අද" පත්තරේ දැකලා තමයි අංකල් හිතුවේ මේ ගැන ලියන්ට ඕන කියලා. ඒ ගැන "අද" පත්තරේ කරපු විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ උන්නැහේ ප්‍රකාශ කරලා තියෙන විදිහට 'මුල්‍ය හා කල්බදු පනත' අනුව කල්බදු යටතේ වාහනයක් මිලදීගෙන ඇති පුද්ගලයෙකු අදාළ වාහනයේ වටිනාකමින් 50% කට වඩා ගෙවා නොමැති නම් හා එම කල්බදූලාභියා තව දු‍රටත් කල් බදු ගෙවීම පැහැර හරිනම් කල්බදු සමාගමට අදාළ වහනය පවරා ගැනීමේ හැකියාව තියෙනවා. එම වහානය පවරා ගැනීමේදී කල්බදු සාමාගම පොලිස්සියේ පැමිණිල්ලක් කර පොලිස්සිය සමග අදාළ වහනය රැගෙන එමට යායුතුයි.එහිදී වාහන හිමියා වහනය ලබාදීම ප්‍රතික්ෂේප කරයි නම් උසාවියේ නඩු පවරා වහනය ලබාගත යුතුයි.කිසිම අකාරයකින් සිස්ර්ලාට තනිවම ගොස් වාහන ලබාගත නොහැකියි.

ඉතින් ඔක දැකලා අංකල් හරියට පුදුමවුනා. මොකද අංකල් මෙච්චර දවසක් ඔක දැනන් හිටියේ නැහැ. ඒ වගේම සමාජයේ හුගදෙනෙක් මේක දන්නේ නැහැ කියලා අංකල්ට විස්වාසයි. එහෙම බැලුවම සිස්ර්ලා පොලිස්සිය නැතිව වාහනේ ඉස්සුවොත් ඒක අයිතිවෙන්නේ පැහැරගැනීමට. එතකොට කොහොමද දෙයියනේ මුන් මෙච්චර දවසක් පොලිස්සිය නැතුව ඔය වැඩේ කරේ. කොහොම උනත් මේක ගැන දන්නේ නැති අයව දැනුවත් කරන්නයි අංකල් මේක ලිව්වේ. ලිසිං එකක් ගන්න කලින් හොදට හොයලා බලලා අරගන්න සහ ෆිනෑන්ස් එක ඇරියස් කරගන්නේ නැතුව ගෙවන්නය කියලා තමයි අංකල්ට  ඔය දරුවන්ට දෙන්න තියෙන උපදේසය....

11 comments:

  1. ඕක පාතාලෙන් හැන්ඩ්ල් කරන කේස් එකක්. පොලිසිය යන්නේ නැත්තේ පොලිසියට සම්තින් එකක් ලැබෙන නිසා. සීසින් වලින් ව්ශාල මුදලක් හම්බකරනවා.

    සාර්ථක ලිපියක්. දිගටම ලියන්න. අනෙක් බ්ලොග් හා එකතුවන්න. කොමෙන්ට්ස් ගැන නොබලා දිගටම ලියන්න..

    ReplyDelete
    Replies
    1. ඒකනේ පුතේ කියන්නේ.මෙච්රකල් පොලිස්සිය නැතුව මුන් ඔය වැඩේ කෙරුවනේ.මේතැනදීත් තැලෙන්නේ හැමතැනදිම තැලෙන දුප්පත් මිනිස්සු.

      අදහස් දැක්වීම ගැන බොහොම ස්තුතියි දරුවෝ...

      Delete
  2. එම වහානය පවරා ගැනීමේදී කල්බදු සාමාගම පොලිස්සියේ පැමිණිල්ලක් කර පොලිස්සිය සමග අදාළ වහනය රැගෙන එමට යායුතුයි.එහිදී වාහන හිමියා වහනය ලබාදීම ප්‍රතික්ෂේප කරයි නම් උසාවියේ නඩු පවරා වහනය ලබාගත යුතුයි.//:- අන්න වැදගත් දෙයක්. බොහොම ස්තුතියි.

    අන්කල්තුමා කොමෙන්ට් වල word verification අයින් කලොත් හොදයි නේද..

    ReplyDelete
    Replies
    1. පප්පොච්යේ මට මතක ඕක අයින් කරා වගේ. මේ දැන් අයින් කරනවා කරනවා දරුවෝ...

      Delete
  3. මගේ යාළුවෙක්ගේ අයියාකෙනෙක්ගේ වාහනේ ගෙදර කස්ටිය එක්ක මගුල් ගෙදරක යනකොට සීසර්ලා වට කරලා..මූ වයිෆ්ට කියලා මේ යාළුවෝ වගයක් හදිස්සියට වාහනේ ඉල්ලනවා අපි කැබ් එකක යමු කියලා...පස්සේ සල්ලි ගෙවලා යාන්තං වාහනේ ගෙනැල්ලා...ඌට කාඩ් එකකුත් වැදුනා ‍ෆිනෑන්ස් කියලා...

    ReplyDelete
    Replies
    1. හැක්.. හැක්.. :D මාර සීන් එක නෙව.

      Delete
  4. මන් අහලා තියෙනෙන 75%කට වඩා ගෙවලා නම් උස්සන්න බැහැ කියලා
    කොහොමත් සීස් කරන්නේ පොලිසියේ පැමිනිල්ලක් දාලාලු. හැබැ‍යි පොලිසියෙන් නම් යන්නේ නැහැ.
    ඔය සීස් කරන්න ගොඩක් නීති තියෙනවා කියලා ලීස් කරන කෙනෙක් කිව්වේ ඒත් උන් ඒවා බලන්නේ නැහැ
    උදා- සීස් කරන්න පුළුවන් පාරේ යන වාහනයක් විතරලු
    ගෙදරක ගිහින් නවත්තලා තියෙන එකක් බැහැලු
    ඒ වගේම ඒ වෙලාවට ගැබිනි කාන්තාවක් එහෙම වාහනේ යනවනම් ඒත් සීස් කරන්න බැරිලු

    ඔය සීස් කරන උන් කරන තව බලු වැඩක්ලු උස්සපු ගමන් වාහනේ බැට්‍රිය, ටයර් එහෙම මාරු කරන එක හැබැයි ඒක නම් ලීසින් කම්පනි එකට කිව්වම හරිනම් ආපහු අරන් දෙන්න ඕනේ කියලා කියන්නේ මේවා මාත් අහපුවා මිසක් ඇත්ත නැත්ත දන්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. නීතිමය තත්වය ගැනනම් පත්තරේ දැක්ක දෙයට‍ වඩා විස්තරයක් මාත් දන්නේ නැහැ පුතේ.පුරවැසියෝ විදියට අපි මිට වඩා නිතිය ගැන දැනගන්න ඕන. එත් ඉතින් ඔය නීති පොත් කියවන්න කම්මැලි නෙව.

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. ඔය වගෙම අනාගතේදි මිනිස්සු හයි කරගන්න ශරීර අවයවත් වාරික ගෙවීම අතපසු වුනොත් ඇවිත් කපලා අරං යන සීසර්ලා ගැන ‍ෆිල්ම් එකක් මම් බැලුවා.
    ඔය උඩින්ම දාලා තියෙන පින්තූරෙ තියෙන වාක්‍යය දැක්කම මට මතක් වුනේ මම ලියපු මේ පෝස්ට් එක.

    henryblogwalker the Dude

    ReplyDelete

මෙන්න විශේෂ දීමනාවක් !!!
ළඟ එන වෙසක් උත්සවය නිමිත්තෙන් නොමිලේ කමෙන්ට් කිරීමේ අවස්ථාව සලසා තිබේ.

Related Posts Plugin for WordPress, Blogger...