Subscribe in a reader

Monday, February 6, 2012

නිදහස් දින තුනක් ඇති රටක නිදහස

64 වන නිදහස් දිනය  ගෙවී ගියේය..අනුරාධපුරයේදී පැවත්වූ අභිමානවත් උළෙලකින්ද, ගෙයක් ගෙයක් පාසා එසවුණු ජාතික ධජ වලින්ද, වෙනදාට සපෙක්ෂ්ව අඩු වෙළද දැන්වීම් ප්‍රමණයකින්ද සංකේතවත්වූ දිනයක් ගෙවී ගියේය...




"සිය යටත්විජිතයන් අත්හැරීමට ක්‍රියාකල ඉංගිරිසින් අතින් 1948 පෙබරවාරි 4 වෙනිදා මෙරටට නිදහස ලැබුනා.යටත් වෙච්ච් දවසේ ඉදන්ම සුද්දන්ගෙන් නිදහස් වෙන්න අපේ මුතුන්මිත්තන් සටන් කලත් විවිධ හේතුන් නිසා ඒ සටන් පරාජයට පත්වුණා.අවසානයේදී අපිට නොමිලේම නිදහස ලැබුනා.ඒ වුනත් ඒ නොමිලේම හම්බවුනු නිදහස නාමික නිදහසක් විතරයි. 1948 ඉදන් 1972 වෙනකන්ම අපි හිටියේ බ්‍රිතාන්‍ය කිරීටයට යටත් වෙලා.බ්‍රිතාන්‍යයට පක්ෂපාතීව වැඩ කරන්න අපි බැදිලා හිටියා.ඒ වගේම ලංකාවේ  සියලු රාජ්‍ය කටයුතු සිදු කෙරුණේ මහා බ්‍රිතාන්‍යයේ අති උත්තම මහාරාජාණන් වහන්සේගේ නාමයෙන්.කොහොම නමුත් විශාල පරිසරික  සහ සංස්‌කෘතික විනාශයකින් පසුව 1948දි  සුද්දෝ අපේ රටෙන් යන්න ගියේ අපේ රටේ සාරය අතිපදං  උරාබිව්වට පස්සෙයි


1972 මැයි 22 ජනරජ ව්‍යවස්ථාවේන් පස්සේ ලංකාව බ්‍රිතාන්‍යයට‍ තිබුණ යටත් බව නැතිවුනා.මේ නිසාම නිදහස් දිනය ලෙස මැයි 22 යොදාගතයුතුයි කියලා හුගක් අය කියනවා.මගේ මතයත් නිදහස් දිනය ලෙස මැයි 22යොදාගැනීම නිවැරදියි කියන එකයි.1972 දි ජනරජයක් බවට‍ පත්වීමෙන් පස්සෙත් ලාංකිකයන්ට නිදහසක් තිබුනේ නැහැ. අවස්ථා දෙකකදී පැනනැගුණු ජනතා විමුක්ති පෙරමුණේ කැරළිවලදී රාජ්‍ය ත්‍රස්‌තවාදයටත් ජවිපෙ ත්‍රස්තවාදයටත් මුහුණ දීපු ජනතාවට එල්ටීටීඊ  මිලේච්ඡ ත්‍රස්තවාදයටත් මුහුණ දෙන්න සිද්දවුනා. බැරියර් වලින්, කටුකම්බිවලින් වට කරපු නිදහස් චතුරස්‍රයේ පැවැත්වුන නිදහස් දින උළෙලට එන්න බයේ චන්ද්‍රිකා නෝනා අරලියගහ මන්දිරේ ඉදන් ජාතිය ඇමතුවා.නිදහසක් නැති රටට ඊලග නිදහස් දිනය උදාවුනේ 2009 මැයි 19 වෙනිදා.ත්‍රස්‌තවාදයෙන් තොර රටක නිදහස වීදින්න අපිට හැකියාව ලැබුනා. "


එත් අපි ඇත්තටම නිදහස්ද ???


අඩුපාඩු  සහිතව වුවද ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කරන හෙයින් ලංකාවේ නිදහසක් නැතැයි කිසිවෙකුට පැවසීමට නොහැක.නමුත් තවමත් අපට සැබෑ නිදහසක් බුක්තිවිඳීමට නොලැබෙන බව මාගේ අදහසයි.ජනතාවට දේශපාලකයින්ගේ, නිලධාරීන්ගේ සහ පාතාලයේ  බලාධිකාරය යටතේ ජිවත් වීමට සිදුවී තිබේ.ඔවුන්ගෙන් සිදුවන ඕනෑම අසාධාරණයක් දරාගෙන ජීවත්වීමට සිදුවී තිබේ. අල්ලපුගෙදර එකා රජයේ දේශපාලකයෙකුගේ ආධාර කරුවෙකුනම් ඌටද  බයෙ ජිවත්විය යුතුය.එවන්නෙකුට එරෙහිව කෙරෙනා පොලිස් පැමිණිල්ලකින් පලක් නොවේ. දේශපාලකයන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක වීම ගැන කතා කිරීමද නිෂ්පල ක්‍රියාවකි.උන් උන්ට අවැසි ලෙස රඟමින් සිටි.කැලණිය ගුවන් පාලම විවුර්ත කිරීම ආවරණය කිරීමට ගිය සිරස මාධ්‍යවේදීන්ට මර්වින් සිල්වා අමත්‍යවරයා එම අවස්ථාව වාර්තා කිරීමට‍ ඉඩ නොදීමත්, තර්ජනය කිරීමත් සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස් මධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ අමාත්‍යවරයා සිරස මාධ්‍යවේදීන් සමග අමනාප බව දන්නා නිසා සිරස මාධ්‍යවේදීන් එම අවස්ථාවට සහබාගි නොවිය යුතුව තිබු බවයි.

 ඇති හැකි අය සුරසැප විදිමින් සිටිති. මධ්‍යමපාන්තික සහ ඉන් පහළ ජනතාව පැහැදිලි ලෙසම නොසැලකිල්ලට සහ අසාධාරණයට ලක්වෙති.ආර්ථික ප්‍රශ්න පසෙකින් තැබුවද සමාජීය වශයෙන් නිවැරදි වියයුතු කාරණා රාශියක් තිබේ.රජයේ ආයතනයකින් වැඩක් කරගැනීමට යන සාමාන්‍ය   වැසියෙක් අනිවාර්ය්‍යයෙන්ම සිය ආත්මාභිමානය දෙවන තැනට දැමිය යුතුය.සියලු රොස් පරොස් බස් ඉවසිය යුතුය.පියුම් හාමුලාට පවා යටත් වියයුතුය.රජයේ රෝහලකින් ප්‍රතිකාර ලබාගැනීමේදීද මෙම තත්වය එලෙසම අත්විදීමට සිදුවෙයි. ඇදන් යට‍ නිදා ගැනීමට අමතරව ඇටේන්ඩන්ලාගේද, සිකුරිටිලාගේද රෙස්පෙක්ට්  බැලිය යුතුය.කටු කන බල්ලන් සැර වැඩියැයි සිතින් බැනීම ඇරෙන්නට වෙනත් විකල්පයක් ඉතුරුවන්නේ නැත.අවශේෂ චරිතයන්ගේ තත්වය මෙය නම් නිළ බලය සහ ධන බලය ඇත්තන් කුමන තත්වෙක වැජඹෙදැයි අමුතුවෙන් පැහැදිලිකල යුතු නොවේ.නිදහසෙන් පසුව විව්ධ පාටවලට අයත්වූවන් මාරුවෙන් මාරුවට ඔවුන්ගේ ආතල් ගත්තා විනා රටට කෙරු දෙයක් නැත.ඔවුන් සිදුකලේ විවිධ අවස්ථාවලදී ධනවාදී, වාමවාදී, දේශප්‍රේමී ආදී විවිධ වෙස්මුහුණු පලදිමින් අප මුලා කිරීම පමණි.ලංකවට ඇති ස්වභාවික සම්පත්, උරුමයන් සහ මානව සම්පත දෙස බැලීමේදී අනිවාර්යයෙන්ම මිට වඩා ඉහල ස්ථරයක ලංකාව තිබිය යුතුවුවද සමාජ ක්‍රමයේ වෙනසක් නොමැතිව ඉහළ තත්වයකට ලගාවිය හැකිදැයි සැක සහිතය. 




සියලු ජනතාවට පන්ති භේදයකින් තොරව සිය ආත්මාභිමානය පවා නොදී ජිවත් වීමට හැකියාවක් ලැබෙනා දිනයකදී සැබෑ නිදහස උදාවනු ඇත....


# සබැදි

14 comments:

  1. පන්ති බේදය නැති කරන්න නම් බෑ. නමුත් සාමාන්‍ය ජනතාවට අත්‍යාවශ්‍ය භාන්ඩ ටික මිළදී ගැනීමේ හැකියාව ඇති ආර්ථික ශක්තියක් හදනව නම් ඒ ඇති...

    ReplyDelete
  2. ඔව් පංති බේදය නැති කරන්න බැහැ.නමුත් පහළ පන්තියකට අයත්වීම නිසා කිසිවෙකුත් ගැරහීම්වලට‍ ලක්වියයුතු නැහැ

    අඩු තරමේ රජයෙන් සේවා ලබාගැනීමේදීවත් පංති බේදයකින් තොරව සේවා ලබා ගන්න පුලුවන් වෙන්න ඕන.විශේෂයෙන්ම නිතිය ක්‍රියාත්මක වීමේදී.

    ReplyDelete
  3. සල්ලි තියෙනවනම් ආණ්ඩුවේ තැනකින් ඕන දෙයක් කරගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඒක නෙව.මේවා කවද්ද වෙනස් වෙන්නේ.අදහස් දැක්වුවාට ස්තුතියි.

      Delete
  4. නිදහස නිරපේක්‍ෂ නැත. සාපේක්ෂයි. උ.කොරියාව බොහෝ අප්‍රිකානු රටවල් සහ අපේ රටේ 89 යුගයට වඩා දැන් රට නිදහස්...

    ReplyDelete
    Replies
    1. ඒක හැබැව දරුවෝ. "උ.කොරියාව, බොහෝ අප්‍රිකානු" රටවලට සාපේක්ෂව අපේ රටේ වැඩි නිදහසක් තියෙන විත්තිය හැබැව.නමුත් ඇමරිකාව සහ බොහෝ යුරෝපා රටවලට සාපේක්ෂව අපේ රටේ නිදහස තියෙන්නේ කොතනද ????

      Delete
  5. මගෙත් මතය අපි සාපේක්ෂව දැන් නිදහස් කියලා...මරණ බයක් නැතුව දැන් බොහෝ දෙනෙක්ට ඉන්න පුළුවන් කියලා හිතෙනවා...පරිපුර්ණ නිදහසක් නම් මොනම රටකවත් ඇති කියලා මට හිතෙන්නේ නැහැ...

    මේ බ්ලොග් ඒක ෆලෝ කරන්න විදිහක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඔව් දරුවෝ දැන් සැහෙන නිදහසක් තියෙනවා.ඒත් නිවැරදි වියයුතු දෙවලුත් අනන්තවත් තියෙනවා.අපි ඒවා ඉදිරියේදී කතාබහ කරමුකෝ.. ඔය මාතලන් කොලුවා කියන්නා වගේ ආර්ථිකය යහපත් උනොත් ලොකු සහනයක් දැනේවි.නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ආර්ථිකයෙ විතරක්මත් නෙමෙයි.

      ෆලෝ ගැජට් එකක් දාන්න ඉන්නේ දුවේ..

      Delete
  6. මේ වගේ කාලයක් එන එකක් නෑ අංකල්.... මේ බ්ලොග් එකේ ෆලෝ කරන්න විදියක් නැද්ද...

    ReplyDelete
    Replies
    1. ඒක තීරණය වෙන්නේ පුතේ සාමාජයෙ ආකල්ප සහ ක්‍රියාකාරකම් මත.

      බ්ලොග් එක තවම අලුත් නිසා ෆලෝ ගැජට් එකක් දැම්මේ නැහැ.මොකද ඒක හිස්ව තියෙනකොට ලැජ්ජයි නෙව :D .ඔන්න ඔහේ ඕන එකක් කියාලා ගැජට් එක දාන්නම්කො..

      Delete
    2. මුලින්ම හිස් තමා ටික ටික පිරෙයි......

      Delete
    3. ඒක නෙව.ගැජට් එක දැම්මා.ඔය ළමයා එකතුවෙච්ච එක ගැන සන්තෝසයි..

      Delete
  7. Aththatama apata niyama nidahasak thawama labila na.....

    Ape ratata galapena adahas thiyena minissunta thawama kisima thanak labila na. Thamath ape rata gana theerana ganne batahira widihata hithana goda suddo tikak. Me ratatama awenika adahas thiyena minissunta me rata athule kisima arakshawak na. Ratata galapenne nathi adahas thiyena puhu anukaranawadiyonta manawa himikan unath thiyenawa.

    ReplyDelete
    Replies
    1. නිදහස කියන ඒක ගැන එක එක්කෙනාට විවිධ අර්ථකථන තියෙන්න පුළුවනි පුතේ.ඇත්තටම බැලුවොත් අපේ රටේ බහුතරයක් ජිවත් වෙන්නේ විශාල පීඩනයක් මැද.සිවිල් සමාජය මත දේශපාලන,ධනපති,පොලිස්සිය,පාතාලය කියන බලවේග හතරම විශාල පීඩනයක් දියත්කර තිබෙනවා.

      දේශීයත්වය මාත් හුගක් අගය කරන දෙයක් දරුවෝ. මේ බ්ලොග් අවකාශයෙ සමහර උන්ට ඕක විහිළුවක් වුනාට අපි ජිවත් වෙන්න ඕන අපේ රටේ විදියටයි.ඒ වුනත් ඉතිං දේශීයත්වයට තැන දෙනවය කියලා ආපු මනුස්සයාගෙන්වත් වැඩක්වුනේ නැහැ නෙව.සමහරවිට හැමදේම හරියන දවසක් එයි...

      Delete

මෙන්න විශේෂ දීමනාවක් !!!
ළඟ එන වෙසක් උත්සවය නිමිත්තෙන් නොමිලේ කමෙන්ට් කිරීමේ අවස්ථාව සලසා තිබේ.

Related Posts Plugin for WordPress, Blogger...