Subscribe in a reader

Tuesday, April 3, 2012

පිළුණු වූ ජිනීවා ගැන


පහුගිය දිනවලනම් ජිනීවා  නම දුටු සැණින්ම ඔබේ අවධානය ඒ වෙතට යොමුවෙන්න ඇති. නමුත් මේ වනවිට එය ඇල්මැරුණු, පිළුණු වූ මාර්තෘකාවක් බව අංකල් දන්නවා.කොහොම නමුත් ජිනීවාකියන්නේ අමතක කලයුතු මාර්තෘකාවක් නොවන හින්දත්, කාලවේලාව නොමැතිකමින් අංකල්ට හුග දවසකින් මුකුත් ලියන්න බැරි වුන හින්දත්, ජිනීවාගැන කතාකරන්නයි මේ සුදානම...






ජිනීවාප්‍රශ්ණය ඇති වෙන්න කලින් අවසන් යුද්ධය සම්බන්ධව ශ්‍රී ලංකාවට එල්ල වෙච්ච ලොකුම ජාත්‍යන්තර බලපෑම තමයි දරුස්මාන් කමිටුව.ගියවර මානව හිමිකම් සමුළුවෙන් පසුව කියවුන දෙයක් තමයි මෙවර ශ්‍රී ලංකාව පිලිබදව  සාකච්ඡා වියහැකි බව.නමුත් ඇමරිකාව ලංකාවට එරහිව යෝජනාවක් ගෙන එවියැයි  කිසිවෙකුත් හිතුවේ නැහැ.එක අතකින් ලෝකයේ ලොකුම යුධ අපරාධකරුවා ලංකාවට එරහිව මෙවැනි යෝජනාවක් ගෙන එම විහිළුවක්. ඇමරිකාවේ මෙම යෝජනාව හමුවේ විවිධ පාර්ශව විවිධ අකාරයේ ප්‍රතික්‍රියා දැක්වුවා.




ආණ්ඩුව
  
 ඇමරිකාව විසින් මෙම යෝජනාව ‍ගෙන ඒම නිසැක ලෙසම ආණ්ඩුව තැතිගන්වන්නට ඇත.මෙම යෝජනාවට එකගවීම හෝ විරද්ධවී ජන්දයකට යෑම යන දෙකෙන් එකක් ආණ්ඩුවට තෝරාගැනීමට සිදුවී තිබිණි. ආණ්ඩුව විසින් සටන් කිරීම තෝරා ගත්තේය.රට රටවල ජන්දය දිනා ගැනිමට වැඩ පිළිවෙලක් දියත් කරන අතරම ජනතාව පාරට බැස්සවීමට කටයුතු කළේය.නමුත් සමහරුන් ජනතාව පාරට බැස්සීම විවේචනය කරනු දක්නට ලැබුණි.ඒම ක්‍රියාවේ වරදක් අංකල් දකින්නේ නැත.රටේ ජනතාව විදෙස් මැදිහත්වීම් ප්‍රතික්ෂේප කරන බව පෙන්විමට එවැනි ක්‍රියා අවශ්‍යයි.නමුත් එවැනි දෙයකදී යම් ප්‍රචන්ඩ ක්‍රියාවක් ඇතිවුවහොත් එයද ලංකාවට අහිතකර ලෙස බලපාන බවද මතක තබාගතයුතුය.ජන විරෝධයට  විරුද්ධ වූ සියල්ලන්ම එවැනි විරුද්ධතාවක් දැක්වුයේ ඒ තුලින් රටට ආණ්ඩුවේ ජන  බලය ප්‍රදර්ශනය වන නිසාය.රට තුළ ආණ්ඩුවට එරෙහිව විරෝධයක් ගොඩනැගෙමින් පැවති වෙලාවක ජිනීවාප්‍රශ්ණය මතු වීම එක අතකින් ආණ්ඩුවට ලැබුණු වෙස්වලාගත් ආශීර්වාදයකි. කෙසේවෙතත් මහින්දගේ යටත් නොවීමේ ගුණය අංකල් අගය කරන බවනම් නොකියම බැරිය.

විරවංශ 
ඉතාමත්  හොද කටක් ඇති, විවිධ අඩුපාඩුකම් ඇතත් හැම මොහොතම රට වෙනුවෙන් පෙනීසිටි විරවංශ උන්නැහේ ජිනීවාප්‍රශ්ණය හමුවේ මාර ආතල් එකක් දුන්නේය.ජිනීවා ප්‍රශ්ණය හමුවේ ඔද්දල්වී සිටි ජන මනස සුවපත් කිරීමේ ඒකායන අරමුණෙන් ජනතාවට පොඩි පං එකක් දීම සදහා  එතුමා මෙම ප්‍රකාශය කරන්නට ඇතැයි අංකල් මුලින් සිතුවද, මේ වන විට  "කොකාකෝලා එපා" යැයි පවසමින් අගනුවර තාප්ප මත ප්‍රචාරණ වියාපාරයක් දියත් කර ඇති නිසා මෙය එවැනි දෙයක් විය නොහැක.බොහෝ විට එතුමා විසින් භාවිතා කරන දේශීය හෙයාර් ජෙල්  වර්ගයේ සංකුලතාවයක් නිසා මෙම තත්වය ඇති වෙන්නට ඇතයි අංකල්ගේ විශ්වාසයයි.එතුමාට ඉක්මන් සුවය පතනු ඇරෙන්නට වෙනත් දෙයක් ඉතිරිව නැත.
හෙළ උරුමය 
 ජිනීවාප්‍රශ්ණය වෙනුවෙන් අගය කළයුතුම ස්ථාවරය ප්‍රකාශ කලේ හෙළ උරුමයයි. ජාතියට මේ මොහොතේ අවශ්‍යය වන්නේ හැගීම්බර ප්‍රකාශ කරන හෙළ උරුමය ඇමරිකාව සහ යුරෝපා සංගමය අපගේ ප්‍රධාන සතුරන් වුවද ඔවුන්ට එරහිව කටයුතු කිරීමේ හැකියාවක් මේ මොහොතේ අප වේත නොමැති බව පවසන්නේ බටහිර රටවල් වෙතින් සම්බාධක පැනවුවහොත්  අප මුළුමනින්ම කඩා වැටෙන බවද පෙන්වා දෙමින්.මේ අවස්ථාවේදී අප ක්‍රියාකල යුතු ආකාරය පිළිබධව යෝජනාවලියක් ඒම පක්ෂය විසින් සකස් කර තිබේ. හෙළ උරුමයේ ස්ථාවරය පිලිබදව අංකල් බොහොම සතුටු වෙනවා වගේම අනුමත කරනවා.ඒ වගේම එම පක්ෂයේ ඉතාමත් වැදගත්යෝජනාවලිය පිලිබදව සමාජයේත් ආණ්ඩුවේත් ඇති අඩු සැලකිල්ල ගැන කණගාටු වෙනවා.

විපක්ෂය  


එජාපය
ඉතාමත් කණගාටුදායක ලෙස සහ පිළිකුල්සහගත ලෙස ජිනීවාප්‍රශ්ණයේදීත් තමුන්ගේ පැවත්ම පිළිබධව පමණක් කල්පනා කරන එජාපය,  යුද්දයේදී හැසිරුණු ආකාරයටම මෙම ප්‍රශ්ණයේදීත් හැසිරෙනවා.මුලින්ම ඒ මහත්වරු කිවේ ජිනීවාවල කිසිම ප්‍රශ්නයක් නැහැ කියලයි. ආණ්ඩුව රටේ ප්‍රශ්න යටපත් කිරීම සදහා ජිනීවාපෙන්නවා කියලා තමයි අපේ රටේ වගකිවයුතු ප්‍රධාන විපක්ෂ කිව්වේ.නමුත් ජිනීවාජන්දයෙන් පැරදුනාම මේ සදහා ආණ්ඩුව වගකිවයුතු බවයි ඒජාපයේ ස්ථාවරය වුනේ. ඒ වගේම අඩන්න ඉන්න මිනිහට ඇගිල්ලෙන් අයින්නා වගේ එල්.එල්.ආර්.සි ක්‍රියාත්මක කල යුතු කාල රාමුවක් ඉදිරිපත් කළයුතුයැයි රනිල් මහත්තයා ප්‍රකාශකරා. එජාපයේ මේ හැසිරීම අංකල් පිළිකුලෙන් යුතුව හෙලාදකිනවා.
ජවිපෙ 
 මානව හිමිකම් දඩමීමා කරගෙන අපේ රටට එර්හිව මැදිහත් වෙන්න බටහිර අදිරාජ්‍යයවාදීන් කටයුතු කරමින් ඉන්න බවත්, ආණ්ඩුව රට තුළ එයට විරෝදය දක්වා රටෙන් බාහිරව එයට සමගාමිව ක්‍රියාකරනවා කියලා තමයි අපේ සහෝදරවරුන්ගේ මතය. මේක පතෝල වගේ ස්ථාවරයක් කියල තමයි අංකල් හිතන්නේ.


ඔන්න ඔහොමයි ජිනීවාගැන එක එක්කෙනාගේ මතය. එතකොට අංකල් මොනවාද ජිනීවාගැන හිතන්නේ.පොස්ට් 1 හුගාක් දිගවුන හින්දා අංකල්ගේ මතය ගැන ඊළග පොස්ට් එකෙන් කතාකරන්නයි බලාපොරොත්තුව....

17 comments:

  1. මේ කියපු මතයක් ගැනනම් අපි හැමවෙලේම අහලා තියෙන නිසා අංකල්ගේ මතය දැනගන්නට කැමතියි..

    ReplyDelete
    Replies
    1. එකම දේ එක එක්කෙනා දකින්නේ විවිධ විදියටනේ පුතේ.ඉතින් මේ පුරස්නේදී විවිධ පාර්ශව හැසිරිච්ච චිදිය අංකල්ට දැනුනේ ඔය විදියට.ඊලග පොස්ට් එකෙන් අංකල් හිතන්දේ කියන්නම්කො

      Delete
  2. අපේ කට්ටියම පොරොන්දුවෙලා දැන් කරන්නේ නැතුව ඉන්න එකක් නේද මේ කරන්න කියලා බල කරන්නේ..

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්නේ තියෙන්නේ පුතේ, ඇයි අපි කාටවත් පොරොන්දු වෙන්නේ.මොකක්ද අනිත් අයට අපිට බලකරන්න තියෙන අයිතිය

      Delete
  3. කාපු පතේම රෙන්න ගියාම මෙහෙම දේවල් වෙනවා එතකොට ඉතින් කාගේ මතයකින්වත් වැඩක් නැහැ මොලෙන් හිතලා බලනවා ඇරෙන්න.අච්චර මෙහෙවරක් කරපු ෆොන්සේකාට කෙලවලා උන්ට යහතින් ඉන්න ලැබෙයිද?.උන් විතරක් නම් කමක් නැහැ.අපේ කරුමෙට මේ වගේ පාලකයන් පාලනය කරන රටක ඉපදෙන්න සිදු වුන නිසා අපිටත් විදවන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. රටක් විදියට හිතන්න ඕනේ තැනකදී පටු දේශපාලන චින්තනයක් ගාවගන්න එපා දරුවෝ :(

      Delete
    2. හිතට එකගවෙයන් වෙයන් බං කඩේ නොයා :P

      Delete
    3. රටක් හැටියට හිතන්න ඕනේ කියන එක කඩේ යෑමක් වෙන්නේ කොහොමද?.පුද්ගලයෙකුට කඩේ ගිහින් තියෙන්නේ ඔබ මිසක් මං නොවෙයි.ඔය ටික තමුනටම කියාගත්තොත් නේද හොද ?

      Delete
  4. මට මෙන්න මේ ප්‍රශ්න කීපයක් ජිනීවා කතාවත් එක්ක ඇති උනා.
    1.ඇමරිකාව අපේ රට ගැන මෙච්චර උනන්දු ඇයි?
    2.ඇත්තටම යෝජනාවලියේ තියෙන්නේ අපේම රටේ අය හොයලා බලලා ඉදිරිපත් කරපු උගත් පාඩම් කොමිසමේ යෝජනා ක්‍රියාත්මක කරන්නනං ඕක ඔච්චර අමාරු දෙයක්ද?
    3.ඒක ක්‍රියාත්මක කරන්න ඇමරිකාව කියනකං අපි බලං ඉන්න ඕනෙද?
    4.ඒක ක්‍රියාත්මක නොකෙරුවා කියලා ඇමරිකාවට අපේ රටට බලපෑමක් කරන්න බෑ කියලත් කට්ටිය කියනවා නේද?
    5.එහෙමනං ඇයි අපේ ලොක්කො ටික *කවල් ගිනි අරං වගේ බෙරිහං දෙන්නෙ?
    6.අපේ රටේ ඔය කියන විදිහේ අවුල් තියෙනවනං ඇයි අන්තර්ජාතික මූල්‍ය අරමුදල අපිට ඩොලර් කෝටි 42ක් වන 7වෙනි ණය වාරිකයත් මුදා හැරියෙ?
    7.කොකාකෝලා නවත්තලා ජීමේල් නවත්තලා හිටියම ඇතිද?
    8.ලොකුම වියදමක් යන ඇමරිකාවෙන් ගෙන්නන ආයුධ නවත්තන්නැද්ද?
    9.ඇමරිකාව ගෙනාපු යෝජනාවට අත උස්සපු ඉන්දියාව හුණු ගාලා සුදු කරන්න ආණ්ඩුව ඇයි මෙච්චර වලි කන්නෙ?
    10.හරිනං ඉන්දියාවෙ බඩුත් වර්ජනය කරන්න ඕනෙ නේද?
    11.අන්න එහෙම ඉන්දියාවත් වර්ජනය කරලා එහෙ බඩුත් නවත්තපුවාම කොන්ඩමුත් ඉන්දියාවෙන් ගේන හින්දා අපේ උන් සමාජ රෝග හදා ගත්තමයි, වැරදිලා ළමයි හදාගත්තමයි ඒ ප්‍රශ්නවලට මොකද කරන්නෙ?

    ReplyDelete
    Replies
    1. අප්පචියේ.. ප්‍රශ්න පත්තරයක් නෙව. ඊලග පොස්ට් 1ත් කියවලා ඉදීමු පුතේ. 8. දන්න තරමින් ඇමෙරිකාව අපිට අයුධ විකුනන්නේ නැහැ පුතේ.අයුධ නොවන යුධ උපකරණ තමයි දෙන්නේ.ඒකටත් බොහොම සිමා මායිම් තියෙනවා.
      11. චිනේ හදන්නේ නැති දෙයක් නැහැ නෙව :D

      Delete
  5. අන්කල් කාලෙකට පස්සේ පෝස්ට් එකක් දාලා...අනේ හෙන අප්සැට් මේ වැඩේ නම්...

    ReplyDelete
    Replies
    1. කාල වෙලාව හිගයි දුවේ. මටත් හිතට අමාරුයි.තිබුන කරදර ඉවරයි කියලා හිතාන හුස්මක් කටක් ගන්න හැදුවා විතරයි නෙව :(

      Delete
  6. පක්ෂ බෙදිලා ඉන්නකම් ඔයිට වඩා හුගක් දෙවල් වෙන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. මේකයි පුතේ විරුද්ධ පක්ෂය ආණ්ඩුවේ හැම දෙටම එකග වෙන්න ඕනේ නැහැ.නමුත් හැම දෙටම විරුද්ධ වෙන්න ඕනෙත් නැහැ. මේ වගේ ප්‍රශ්නෙකදී රටක් විදියට එකමුතුව මුහුණ දෙන්න ඕනි. පුතා කීවත් වගේ අපිට හෙණ ගැහිලා තියෙන්නේ අපේම උන්ගේ තියෙන බෙදිල්ල හින්දා

      Delete
  7. අනේ මන්ද අංකල් මට නම් මොකුත් තේරෙන්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. මෙව්වා ගැන අවධානයෙන් ඉන්ට ඕනි.ඊලග පොස්ට් 1ත් කියවමුකො දුවේ...

      Delete
  8. ඇමරිකාව මොකද ලංකාව ගැනම හොයන්නේ

    ReplyDelete

මෙන්න විශේෂ දීමනාවක් !!!
ළඟ එන වෙසක් උත්සවය නිමිත්තෙන් නොමිලේ කමෙන්ට් කිරීමේ අවස්ථාව සලසා තිබේ.

Related Posts Plugin for WordPress, Blogger...