සංග්‍රාමික යුද්ධය නිම වෙලා අවුරුදු තුනක් ගතවෙලා. යුද්ධයෙන් පස්සේ දීප්තිමත්, පැහැබර අනාගතයක්, හෙවත් වර්තමානයක් අපි අපේක්ෂා කරත්, විය යුතු ලෙසම අපිට ඉතුරු වෙලා තියෙන්නේ ඉතාමත් සංකීර්ණ ප්‍රශ්න පිරි සමාජයක්. අන්තේටම පිරිහුණු සමාජ සාරධර්ම සහ දුෂ්කර ආර්ථික ගැටළු පශ්චාත් යුධ අවදියක් ගතකරන ඕනෑම සමාජයක් අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වියයුතුයි වගේම ඒවා නිවැරදි කරගතයුතුයි.
සමාජ සාරධර්ම, ගුණදහම් සුනුවිසුනු කරමින් මිනිස්සු අන්ත තිරිසන් තත්වෙට වැටිච්ච පුවත් හතර වටෙන් අහන්න දකින්න ලැබෙන වෙලාවක අනිවාර්යයෙන්ම අවධානය යොමු කළයුතු දෙයක් තමයි ආගම කියන්නේ. මොකද මේ වන තෙක්ම ලෝකයේ සමාජ හර පද්ධතියට වැඩි දායකත්වයක් ලබා දී ඇත්තේ ආගම් තුලින් වීම නිසා.
ගත වන කාලය බුදුදහම සම්බන්ධයෙන් අභියෝගාත්මක කාලයක් බවයි පෙන්න තියෙන්නේ. අකලට පහළ වුනු ෆෙක් බුදුන්ලා, ඔළුව නරක් වෙච්ච සිරිධම්ම වගේ පිස්සෝ, බුදුදහම සමගත් නිදිවදින්න හදන දේසපාලුවෝ. භික්ෂු දේශපාලනය වළක්වන පනත්, මුලධර්මවාදීන් සහ බෞද්ධ සංවිධාන අතර ගැටුම් වගේම බුදුදහමට එරෙහිව අන්තර්ජාලය තුල ගෙන යන මඩ ව්‍යාපාර වගේ අටොරාශියක් සිදුවීම් අතර, අගක් මුලක් මැදක් නැතුව බුදු දහම පිළිබඳව මතුවී ඇති වර්තමාන තත්වය කතාකරන්නයි මේ සුදානම....
අපි දන්න විදියට බුද්ධ ධර්මය කියන්නේ විද්‍යාවට බිද දැමිය නොහැකි වූ එකම ආගම.සමහරු කියනවා බුද්ධාගම කියලා දෙයක් නැහැ තියෙන්නේ බෞද්ධ දර්ශනයක් කියලා. නමුත් බුදුදහම කියන්නේ දර්ශනය සහ ආගම ලෙස කොටස් දෙකකින් යුක්ත දෙයක්.මේ දෙකෙන් වටිනාකම වැඩි දේ සහ අපේ අවදානය අඩුවෙන් යොමුවී ඇති දේ තමයි බෞද්ධ දර්ශනය. ඇත්තටම බුද්ධාගම යොදාගෙන තියෙන්නේ බෞද්ධ දර්ශනය සමාජය තුලට ගෙනයාමට සහ ඒ තුල පවත්වාගැනීමට. ඉතින් හැම ආගමකම වගේ බුද්ධාගම තුලත් චාරිත්‍ර වාරිත්‍ර, වත් පිළිවෙත්, සහ කතා සාහිත්‍යයක් දැක ගන්න පුළුවන්. බුදුදහම අනෙක් ආගම් වලින් වෙනස් වෙන්නේ අප ගමන් කලයුතු මාර්ගයක් ඒ තුල පෙන්වා ඇති නිසා. දෙවියෙක් යැයි හදුන්වන පුද්ගලයෙක් සරණගිය පමණින්, ඔහුට වැදුම් පිදුම් කළ පමණින් විමුක්තිය ලැබීමක් බුදුදහම තුළ නැහැ. ප්‍රාර්ථනාවන් හෝ කන්නලව් තුලින් ලබාගත හැක්කක් නොමැති බවත් සැම ඵලයකටම හේතුවක් ඇති බවත්, අපට උවමනා දේවල් ලබා ගත හැක්කේ අප විසින් ඒවා ලබාගැනීමට උත්සහා කිරීමෙන් පමණක් බවත් බෞද්ධයෝ විදියට අප තේරුම් ගතයුතු වුනත්, අපේ මිනිස්සු හැම දේම බෝ ගහෙන් ඉල්ලන පුරුදුවෙලා. තමන්ගේ අරමුණ වෙනුවෙන් මහන්සි වනවා වෙනුවට හැමදේම උඩින් පහත් වෙනකන් බලා ඉන්නවා.දේවාල සහ කපුවන් පස්සෙන් යමින් තමුන්ගේ කාලය.ධනය සහ බලාපොරොත්තු නාස්ති කරගන්නා කි දෙනෙක්නම් අද සමාජයේ අපිට මුණ ගැහෙනවද?. මේ අතරින් සාතිශය බහුතරය බෞද්ධයන් බව අමුතුවෙන් කිවයුතු නැහැ. ධර්මද්වීපය, බුදුන්ගේ දේශය ආදී විවිධාකාරයේ පම්පෝරි ගැසුවද, බුදුදහමට අනුකුලව ජීවිතය හැඩගස්සවා ගත් පිරිස් අද සමාජයේ සිටින්නේ නම් ඒ ඉතා අල්ප පිරිසක් පමණයි.
මේතැනදී අපි අනිවාර්යයෙන්ම කතා කළයුතුයි පන්සල සහ සංඝ සමාජය පිළිබධව. ගිහියෙක් ලෙස සංඝයා විවේචනය නොකළයුතු වුනත්, තවදුරටත් එලෙස විවේචනය නොකර නොසිටිය හැකි තැනකට වෙනකම් මේ ප්රශ්නය ඔඩු දුවලා. බුදුදහම පවත්වාගෙන යාමේ මුලිකම වගකීම දරන සහ ඒ වෙනුවෙන් නිර්මාණය වුනු ආයතනය තමයි පන්සල. නමුත් පන්සලකින් ඉටුවියයුතු සැබෑ වගකීම වර්තමානයේදී ඒ ආකාරයෙන්ම ඉටුවේද ??? අවාසනාවකට උත්තරය " නැහැ" කියන එක.
සංඝ සමාජයේ ප්‍රමුක වගකීමක් තමයි බුදු දහම ප්‍රචාරණය( මෙතනදී ප්‍රචාරණය යනුවෙන් අදහස් කරන්නේ පුහුදුන් ජනයාට නිවැරදි බුදු දහම කියා දීමයි) . බුදුරජාණන් වහන්සේත් එය බලාපොරොත්තුවුනා. දෙනමක් එක මග නොවඩින ලෙස දේශනා කලෙත් ඒ නිසයි. නමුත් බෞද්ධ දර්ශනය ආගමක් ලෙස වර්ධනය වීමේදී එයට සිදුවුනා යම් යම් සංස්කෘතික සහ සමාජීය අවශ්‍යතා ඉටු කිරීමට. එය නොවැලැක්විය හේතුවක් වුනත්, කණගාටුවට කාරණය වර්තමානයේදී ධර්මද්වීපය තුල පන්සල සහ සංඝ සමාජය ඒවාට හිමි මුලික පරමාර්ථයන්ගෙන් බැහැරව මේ සංස්කෘතික සහ සමාජීය පරමාර්ථයන් ඉටුකිරීම පමණක් සිදුකිරීම. සරළව කිව්වොත්.... අපිට මොකටද පන්සලක් වුමනාවෙන්නේ ?
නිර්වාණයට යන මාර්ගය ඉගෙනගන්න.. බුදුදහම ඉගෙන ගන්න...
හ්ම්ම්ම්... හොද උත්තරයක්. නමුත් ප්‍රයෝගිකව බැලුවම නිර්වාණයට යන මාර්ගය ඉගෙනගැනීම නිකම්ම නිකම් සංකල්පයක් විතරයි. ඇත්තටම අපි පන්සලකින් බලාපොරොත්තු වෙන්නේ වෙනත් දේවල්. ඒ කිව්වේ සංස්කෘතික සහ සමාජීය කාරණා ඉටුකරගැනීම. පාංශුකූලය දීම වැනි අවමංගල්‍යය චාරිත්‍ර, දාන මාන වගේ දේවල්. ඕනෑම සාමාජයක මිනිස්සු ජිවිතේ වැදගත් අවස්ථාවලදී ආගම හා බැදිච්ච චාරිත්‍ර වාරිත්‍ර නිර්මාණය කරගෙන තියෙනවා. කෙනෙක් මැරුණම මරණ පරික්ෂණය තියපු හැටියේ වළලා දාන්න පුළුවන් වුනත්... එහෙම කරන්නේ නැහැනේ. හැම සමාජයකම මිනිස්සු දේවල් වෙන්න ඕනි සංස්කෘතික ක්‍රියාවලියක් නිර්මාණය කරගෙන තියෙනවා. අපේ සමාජයේදී මේ ක්‍රියාවලිය පවත්වාගෙන යන්න අපිට පන්සල ඕන වෙනවා. ඒ එක්කම වර්තමානයේදී පන්සල කියන ආයතනය භාවිතාවන අනෙක් දේවල් තමයි ටියුෂන් කඩ සහ දේවාල කඩ පවත්වාගෙන යාමට අවශ්‍යය ඉඩකඩ ලබාදීමට.
ඉස්සර පන්සලට ගිහින් පහනක් පත්තුකරලා වැලි මළුවේ කෙළවරට වෙලා ඉදගෙන ඉන්නකොට පුදුම සැනසීමක් අත්වින්දා....
මල් සුවදත් එක්ක එකතුවුන හදුන්කුරු සුවදත් අරගෙන සුළං රැලි දුවගෙන එන්නේ බෝ ගහේ කොළ සිලි සිලි හඬින් හොලවගෙන... ඒ හුළඟ ජිවිතේ හැම දුකක්ම ඈතට අරන් ගියා.
ඒත් අද...
භික්ෂුවට විශාල සිවිල් බලයක් තියෙනවා. අද වගේ කෙලින්ම දේශපාලනයට සම්බන්ධ නොවුනත් අතීතයේ පටන්ම දේශපාලනය තුලත් භික්ෂුවට වැදගත් තැනක් තිබුනා. දුටුගැමුණු රජුට පවා භික්ෂුව යුධ පෙරමුණට ගෙනයෑමට සිදුවූයේ ඒ නිසයි.කාලයත් සමග භික්ෂුව සතු සිවිල් බලය අඩු වෙලා වුනත් අදටත් භික්ෂුව සතු සිවිල් බලය සුළුපටු නැහැ. වර්තමානයේදී පැහැදිලි , දැඩි පිරිහීමක් සඟ සමාජය තුල පෙනෙන්නට තිබෙනවා. අද වන විට හිස බූ ගෑ තරුණ ස්වාමීන්වහන්සේ නමක් සොයාගැනීම කළු නික සොයනවාට වඩා අමාරු කාර්යයක්. ඉහලම වර්ගයේ ජංගම දුරකථන , සහ නවීනම සුඛෝපභෝගී වහාන භවිතා කරන හයි ක්ලාස් සඟ පැලැන්තියක් වර්තමානයේදී දැක ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අද වන විට බණ ස්ටාර්ලාද බිහිවෙලා. සමහර බණ ස්ටාර්ලා බණ කියන්නේ දායකයින් විසින් තමන්ගේ ශබ්දවාහිනී පද්ධතිය කුලියට ගත්තොත් පමණයි.දානෙට ඕනේ තෝරා ද මෝරා ද කියලා කටින්ම ඉල්ලන සඟ පරපුරක් බිහිවෙලා.
සඟ සමාජයේ නායකත්වය සදහා නායක ස්වාමින් වහන්සේලා සිටියද අප උන්වහන්සේලා ගැන දැන ගන්නේ කිසියම් දේශපාලකයෙකු උන්වහන්සේලා බැහැ දකින අවස්ථාවෙදී පමණකි. මේවා වෙනස් විය යුතුය. සඟ සමාජයේ පුනරුදයක් ඇතිකළ යුතුය. දුශ්ශීලයන් පැන්නිය යුතුය. ගිහියන් සදහා නිවැරදි නායකත්වයක් දෙන සග සමාජයක් බිහිකළ යුතුය. වර්තමානයේදී මෙවැනි කාර්යයක් සිදුකල එකම හිමි නම අතිගරු සෝම ස්වාමින්වහන්සේය. බෞද්ධ සමාජය නිවැරදි මගටගෙන යෑමට උන්වහන්සේ සිදු කළ සාර්ථක විප්ලවය අපේ අවාසනාවට අතර මගදී නතර විය.
ශ්‍රී ලංකාව නිර්මල බුදු දහමේ කේන්ද්රස්ථානයයැයි අප පාරම් බෑවද, අප පළමුව නිර්මල බුදුදහම කුමක්දැයි සොයාගතයුතුය. දෙවනුව එය අපටද ලෝකයටද ඉගැන්විය යුතුය. ඒ සදහා බුදු දහම අද වනවිට ගමන් කරනා මාර්ගයෙන් ඉවතට ගතයුතුය.
සැ.යු
₪ දිග වැඩිවේයැයි සිතුණු බැවින් බොහෝ කරුණු කෙටි කිරීමට සිදුවිය.අත්‍යවශ්‍යයැයි හැගුණු කරුණුද ඇතුලත්ව.
₪ ඉහත සියළු කරුණු සමස්ත ශ්‍රිලංකිය බුද්ධශාසනයට ආදාළ නොවේ.
₪ බෝධි පුජා ආදී පිංකම් වලට අංකල්ගේ කිසිදු විරෝධයක් නැත. අංකල්ද එවැනි පිංකම් මගින් මහත් මානසික සුවයක් ලබයි.
▌දුලා පුතාලා හැමෝම අංකල්ගේ කොලම එෆ්.බි පිටුවට එයි කියලා අංකල් බලාපොරොත්තු වෙනවා.
ලිපියේ ඇති කරුණු ගැන විතරක් නෙමෙයි අංකල් බ්ලොග්කරණයට අළුත් හින්දා ලිපිවල තියෙන අඩුපාඩු ගැනත් අදහස් දැක්වීම උපකාරයක් ලෙස සලකනවා.
*ඒ එක්කම විශේෂ ව්ට්ටමක් ලෙස අගෝස්තු මස අවසානය දක්වා නොමිලේ කමෙන්ට් කිරීමේ අවස්ථාව අංකල්ගේ කොලම බ්ලොග් අඩවිය තුළ සලසා තිබෙනවා :) ▌


This comment has been removed by the author.
ReplyDeleteසහතික ඇත්ත.. මමත් ඔය වගේම ඒවා ලියලා තිබුණ වගේ මතකයි.. මේ ඒකද බලන්න
Deletehttp://sudagesithuwillak.blogspot.com/2012/07/blog-post_28.html
බලනවා පුතේ.. බලනවා...
Deleteela ela .sahenna durata aththa.
ReplyDeleteස්තුතියි අදහස් දැක්වුවාට
Deleteවිද්‍යාවට ලංකාවේ තියෙන ප්‍රධාන ආගම් 4ම බොරු කරන්ඩ බැරි උනා අංකල්.ඒ ආගම් මෙච්චර කල් පවතින්නේ ඒවායේ තියෙන නම්‍යශීලී ලේඛන හින්දා.ඕනෙ වෙලාවක ඒක තමයි මේ කියලා තියෙන්නේ කියලා පෙන්නන්න පුළුවන් හින්දා.
ReplyDeleteහාමුදුරුවරුන්ගේ ක්‍රියාකලාප ගැන ඇති කරුණුවලට එකඟ වෙමි.ඒවා පුද්ගලිකව අත් දැක ඇත්තෙමි.
ආගම යනු දෙශපාලනයයි.පාප්තුමාට, අයතුල්ලා කුමේනිට අපේ සමහර හාමුදුරුවරුන්ට කොච්චර දේවල් කරන්ඩ පුළුවන්ද?
අනෙක් ආගම් තුනම පරිණාමය කියන කාරණය එක්ක ගැටෙනවා පුතේ.
Deleteඇත්තටම ආගමක් කියන්නේ දේශපාලනික ආයතනයක්.විශාල සිවිල් බලයක් තියෙන.
මගෙ අම්මා දහමට හරි ලැදියි..අම්මගෙනුත් ගොඩක් දේ ඉගෙනගත්තා.අපූරු ලිපියක් සහෝ.
ReplyDeleteස්තුතියි :)
Deleteඈ... එතකොට අගෝස්තු මාසෙන් පස්සෙ කමෙන්ට් කරන්න අංකල් සල්ලි ගන්නවද? අර වැලි නැති පන්සල් කතාව නම් නියමයි... වාසනාවකට අපේ පන්සලේ නම් තාම ඔහොම තත්වයක් නෑ. කොළඹින් ටිකක් දුර නිසා වෙන්න ඕන...
ReplyDelete:)
Deleteකරුණු කාරණා සිද්දවෙන විදියේ හැටියටනම් ඒ වාසනාව වැඩි කල් තියෙන එකක් නැ වගේ දුවේ :(
සල්ලි ගන්නවනං ආයි එන්නේ නෑ.....
ReplyDeleteහික් හික් :D
Delete