Subscribe in a reader

Sunday, October 28, 2012

අනේ බං චේ




ගමට වෙලා
කාලා ඇඳලා
ඉන්න බැරුව,

සපාන් එකේ

යුද්ධ කරලා
දිනපු එකේ
ඉන්නේ නැතුව,
කියුබාවෙ
 

දෙන්න ගෙහුං
බොලිවියාවේ
මැරුම් කළා
ගෙවී ගියත්...
හුඟක් කලක්


අපේ හැත්ත
මෙහෙ තවමත්
කුණු කොල්ලේට
විකිණනවා...
උඩ දාගෙන


චේ ලාබයි... චේ ලාබයි....


පද වල නම් ඒ හැටි ගැලපීමක් නෑ. ඒත් එහෙම වුනා කියලා ඇත්ත වෙනස් වෙන්නේ නෑ !!.




***          ***        ***         ***          ***        ***      ***          ***        ***      
    


අංකල්ට කවි ලියන්නනම් බෑ පුතේ... මේ තියෙන්නේ පහුගිය දවස්වල දැකපු සමහර දේවල් නිසා අංකල්ට ඇතිවුනු අදහසක්.අංකල් මේක අංකල්ට හිතවත් ජෙප්පා පුතෙක්ට මැසේජ් කළා. ඒක දැකලා ඒ හාදයා එවපු ප්‍රතිචාරය තමයි පහළ තියෙන්නේ.



පි චේව විකුණන්නේ නෑ කියලා අපි හදවතට එකගව අදහනවා... අපේ කාලේ අපේ වීරයා සමරන එක අපේ යුතුකමක්. කියුබාවෙනුත් එකට පුර්ණ ආශීර්වාදය ලැබුණා.

අපිට වීරයෝ ඉන්නේ එයාලා වගේ අය විතරයි.අපිට ස්පයිඩර් මෑන්ලා සුපර් මෑන්ලා වීරයෝ කරගන්න බැහැ.

මහින්දට යුද්ධේ මාකට් කරන්න අයිතියක් තියෙනවානම්, ඔයාලත් ඒකෙ වරදක් දකින්නේ නැතිනම් , අපි අපේ වීරයා සැමරීම ඔයාලා අවුලක් කරගන්න එපා.

 



එකා එවපු අන්තිමටික නම් අංකල්ගේ හිතට වැදුනා.ඒක අතකට ජෙප්පෝ වැරදි නෑ කියලා හිතුනා.
මොකද...


උන්ටත් විකුනන්න දෙයක් තියෙන්න ඕනි.... හ්ම්ම්....

 
ප.ලි. ඇත්තටම චේ කියන්නේ වීරයෙක්.එක අතකින් වෙන අරමුණු තියාගෙන හරි චේව සමරන එක හොඳයි. චේ නමැති සැබෑ වීරයාට අංකල්ගේ ආචාරය !!

20 comments:

  1. චේ විප්ලවීය වීරයා උනේ : ගමට වෙලා කාලා ඇඳලා ඉන්න බැරුව බොලිවියාවේ
    මැරුම් කාපු හන්දා තමයි.

    ReplyDelete
    Replies
    1. ඔය ළමයා අනිත් පැත්තට තේරුම් අරන්ද මන්දා... හෙහ් හේ :D

      Delete
  2. ඒකනේ...
    චේව උඩ දාගෙන විකුණනවා. සමාජවාදි කාරයන්ට ඔයිට වැඩිය දෙයක් නෑ නෙව. :)

    ReplyDelete
    Replies
    1. ඔව් පුතේ.දැක්කෙනම් චේව සමරන එක පැත්තකින් තියලා වෙන අරමුණු ඉෂ්ඨ කරගන්න හදනවා වගේ කියලා....

      Delete
  3. මං කල්පනා කලේ, චේ කියන්නෙ රැවුල නැති, සුරුට්ටු බොන්නෙ නැති, තට්ටෙයි බඩයි තියන, පොරක් උනානම් මොකද වෙන්නෙ කියල

    ReplyDelete
    Replies
    1. බාහිර රූපයට වඩා වැදගත් වෙන්නේ තමුන් තමුන්ව කොයිතරම් මෙහෙයවනද, කොයිතරම් දුර ගෙනයනවද කියන එකයි පුතේ.චේ ඔහුව හුඟක් දුර ගෙනිච්චා..

      ඇත්තටම ඔහු සැමරිය යුතු මනුස්සයෙක් !!

      Delete
  4. //උන්ටත් විකුනන්න දෙයක් තියෙන්න ඕනි.... හ්ම්ම්....//

    ඇත්ත නේන්නම්...හැමෝම කරන්නේ මොකක් හරි විකුණන එකනේ...

    ReplyDelete
  5. නියම පෝස්ට් එකක්.,ජයෙන් ජය අන්කල්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දරුවෝ

      Delete
  6. චේට ජය වේවා!!

    ReplyDelete
  7. වෙනසක් තියෙනවා.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
  8. නියමයි අන්කල් සහෝ ...

    ReplyDelete
  9. අදමයි ආවෙ අන්කල් මේ පැත්තේ. නියමයි ලිපිය...

    ReplyDelete
  10. අදමයි මාත් ආවේ. කමෙන්ට් දන්සැල නිසා කමෙන්ටුවක් දැම්මා. සිරා ලියවිල්ල, ඇත්ත වෙනස් වෙන්නේ නෑ.

    ReplyDelete

මෙන්න විශේෂ දීමනාවක් !!!
ළඟ එන වෙසක් උත්සවය නිමිත්තෙන් නොමිලේ කමෙන්ට් කිරීමේ අවස්ථාව සලසා තිබේ.

Related Posts Plugin for WordPress, Blogger...